FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කේරළ ගංජා කිලෝ 6ක් ග්‍රෑම් 16 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඕමන්ත පොලිස් වසමේ තුවරන්කුලම් ප්‍රදේශයේ දී සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

සැකකරු වයස අවුරුදු 29 ක් වු පනික්කර්පූලියන්කුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (17) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.