FAST NEWS

24×7 Around the Globe

සිනමා ශාලා යළි විවෘත කරන ලෙස ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 20 වැනි දා සිට සිනමා ශාලා යළි විවෘත කිරීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන ඇතුළු ප්‍රාසාංගික කටයුතු ද අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එහි ලේකම්වරයා පැවසුවේය.