FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයන් තවත් 307 දෙනෙකු අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිනයිනට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.    

අද අලුයම චෙන්නායි හි සිට ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු දිවයිනට පැමිණියහ.

මේ වනවිට පුද්ගලයන් 14 ,391 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් මධ්‍යස්ථාන 40 ක පුද්ගලයන් 4126 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ද බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.