FAST NEWS

24×7 Around the Globe

සේවය අතහැර යාමේ නියෝගය ලද පොලිස් නිළධාරින් නැවත සේවයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොලිසියේ සේවය අතහැර යාමේ නියෝගය ලබා සිටින නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ එකඟතාව මත එම නිලධාරීන් කොන්දේසිවලට යටත්ව නැවත සේවයේ පිහිටුවීමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ දැනට සේවය අතහැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරීන් තම අභියාචනය අදාළ ආකෘති පත්‍රය සම්පූර්ණ කර අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය (නීතිය හා සාමය අංශය) 14 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට ජූලි 07 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදිය යුතු බවයි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවි මගින් ලබාගත හැකියි.