දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝශෆ් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී රාජ් මහතා ඝාතනය කිරීමට අනුබලදීමේ චෝදනාවක් ද එල්ල වී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී රාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, එම මෙහෙයුම ක්‍රියාත්මක කල බවට සැකකෙරෙන ‘චේරන්’ නමැත්තා පිල්ලෙයාන්ගේ සමීපතම ගෝලයකු බවට හඳුනාගෙන ඇත.
පසුගිය (11 )වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණිමෙන් අනතුරුව පිල්ලෙයාන් මහතා අත්අඩංගුවට ගැනිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.







