FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව පොලිස් වසමේ කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රී 9.40 ට පමණ එම නිලධාරීන් ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 137 ක් සමඟ වයස අවුරුදු 45 ක කටුනායක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.