FAST NEWS

24×7 Around the Globe

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) පෙරවරු 11.30ට නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් පැමිණයේ හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එම පිරිස අතර සිටි වැඩි දෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සඳහා ගොස් සිටි සිසුන් වීම විශේෂත්වයකි.

ඔවුන් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇත.