FAST NEWS

24×7 Around the Globe

තැපැල් භාණ්ඩ බෙදාහැරීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් වෘත්තීය සමිති විසින් අතිරේක රාජකාරීවලින් ඉවත්ව සිටීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේ සිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසා තිබේ.

අතිකාල දීමනා සම්බන්ධයෙන් පැවති ගැටලුවක් මුල් කරමිනුයි තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ අතර තැපැල්පතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු තම ඉල්ලීම්වලට විසඳුම් ලැබීම හමුවේ තැපල් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට තීරණය කළ බව චින්තක බණ්ඩාර පවසයි.

කොවඩ් – 19 වසංගත තත්වය සහ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ දිවයිනපුරා ඛෙදාහැරීමේ කටයුතු මේ දිනවල කාර්යක්ෂම සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.