FAST NEWS

24×7 Around the Globe

පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන මහ මැතිවරණයට සූදානම්වීමක් ලෙස පැවැත්වූ පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් අද (16) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත භාරදෙන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.   

පෙරහුරු ඡන්ද විමසීම් සඳහා යොදාගත් ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන නික්ෂණය කිරීමේදී හඳුනාගත් අඩුපාඩු සහ සිදුවිය යුතු වෙනස්කම් ද ඇතුළුව මෙම නිර්දේශ සකස් කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

පසුගිය ජුනි 7 වනදා පළමු පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩදී පැවැති අතර , ඉන්පසුව දිස්ත්‍රික්ක කීපයක් ආවරණය වන පරිදි ද මැතිවරණ පෙරහුරුවීම් පවත්වනු ලැබීය.