FAST NEWS

24×7 Around the Globe

ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පරසන්ගස්වැව ප්‍රදේශයේ දී අලෙවිකිරීම සඳහා ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියක් නවතා සිදුකළ පරීක්ෂාවක දී පරසන්ගස්වැව මාර්ගයේ වැටලීම් රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදි සැකකරු සතුව තිබී ගජමුතු 06ක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

ඔහු අද (16) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.