FAST NEWS

24×7 Around the Globe

ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ පැමිණිලි කිරීමට දුරකතන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇතැම් පුද්ගලික බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධ පැමිණිලි 1955 දුරකතන අංකයට ලබා දිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා සඳහන් ක‍ළේය.

අනතුරුව අදාළ පැමිණිලි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය සමග මගී ප්‍රවාහන බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යෑම තහනම් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.