FAST NEWS

24×7 Around the Globe

සුනඛයෙකු බේරීමට ගිය රියදුරු අනතුරට ලක්ව මිය යයි

(ෆාස්ට් නිව්ස් | රක්වාන) – රක්වාන ප්‍රදේශයේදී  ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

එහිදී කුඩා ළමයින් දෙදෙනෙකු ඇතුළු තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

රක්වාන – රත්නපුර මාර්ගයේ කිලෝමීටර් 138 සහ 139 කණු අතරදී මෙම අනතුර සිදුව තිබේ.

රක්වාන දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයේ  සුනඛයෙකු ගැටී ඇති අතර, එම අවස්ථාවේ එහි රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි අනෙක් ත්‍රිරෝද රථයේ ගැටී ඇත.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ සුනඛයා ගැටුණු ත්‍රිරෝද රථයේ රියදුරුය.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.