FAST NEWS

24×7 Around the Globe

උමා ඔයේ වැඩ නිම කිරීමට ඉරානයෙන් 85 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.  

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂිතය.

ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

පැමිණි පිරිස PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු යුද හමුදාව විසින් ඔවුන් නිරෝධායනයට යොමු කෙරිණ.

නිරෝධායන කාල සීමාවෙන් පසු දෙවැනි PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර පසුව ව්‍යාපෘතියේ වැඩවලට යෙදවීමට පියවර ගැනේ.