FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (16) මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතයි.

හෙට පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතවතිබේ.

මැතිවරණ කොමිසම අගෝස්තු 05 වනදා මහා මැතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව රැස්වන පළමු අවස්ථාව මෙයයි.

හෙට පැවැත්වෙන රැස්වීමේ දී තැපැල් ඡන්ද භාවිත කරන දින ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

තවද සතිඅන්තයේ පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් රැස්වීමේ දි සාකච්ඡාවට ගැනිමට නියමිතයි.