FAST NEWS

24×7 Around the Globe

තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (14) ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් පැවැත්වේ.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිව්ස් රේඩියෝවට ප්‍රකාශ කළේ කොළඹ , යාපනය , මුලතිව් , මඩකලපුව , අම්පාර දිස්ත්‍රික්වල ඒවා පැවැත්වෙන බවයි.

ඊයේ (13) මාතලේ , අනුරාධපුර , ගම්පහ , හම්බන්තොට , පොළොන්නරුව , මාතර සහ කලුතර දිස්ත්‍රික්වල පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්විණි.