FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දයට මෙතෙක් දින නියම කර නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මේ දක්වා දිනයන්  ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සදහන් කර තිබේ.