FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 10ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට දිස්ත්‍රික් 10 කට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒවායේ මුද්‍රණ කටයුතු අවසන් වුවද පොත් ලෙස සකස් කිරීම වැනි තවත් කාර්යයන් රැසක් සිදු කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

එම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට දින කිහිපයක් ගතවනු ඇත.

මේ අතර ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටින කොළඹ, කලුතර, ගම්පහ, වැනි  දිස්ත්‍රික්වලට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.