සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමුවැනි සැකකරු වන කොණ්ඩයාගේ සොහොයුරාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව සහ රහස් පොලිසියේ ඉල්ලීම මත පරීක්ෂණයට භාජනය වූ සේයා දැරියගේ පියාගේ ඩී.එන්.ඒ. වාර්තාවත් අද (13) මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට පෙර මේ අබිරහස් ඝාතනය සම්බන්ධව ඩී.එන්.ඒ. පරීක්ෂණ තුනක් සිදු කෙරුණි.
17 හැවිරිදි පාසල් සිසුවාගේ, 33 හැවිරිදි එක්දරු පියාගේ සහ කොණ්ඩයාගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ පසුගිය සති දෙක තුළ සිදු කෙරුණි.
එම වාර්තා සේයා දැරියගේ ඩී.එන්.ඒ. සාම්පල සමඟ සැසඳෙන්නේ නැති බව පරීක්ෂණයේ දී අනාවරණය විය.
ඒ අතර සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කොණ්ඩයාගේ සොහොයුරා මහේස්ත්රාත්වරයා ඉදිරියේ රහසිගතව ප්රකාශයක් කිරීමෙන් පසු ඔහුගේ ඩී.එන්.ඒ. වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරයා නියෝග කර තිබිණ.
ඒ අනුව පසුගිය දා (06) මොහු ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා ජින්ටෙක් ආයතනය වෙත ඉදිරිපත් කර තිබිණි.







