FAST NEWS

24×7 Around the Globe

කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමීන් 53 දෙනෙකුට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණ නියෝගය කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.   

අමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණයට විරෝධය පල කරමින් කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසළ විරෝධතා පැවැත්වීම හේතුවෙන් එම පිරිසව අත්අඩංගුවට ගනු ලැබීය.