FAST NEWS

24×7 Around the Globe

ලබන 29 වනදා සිට කතෝලික පාසල්ද ඇරඹීමට පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජූනි 29 වනදා සිට රජයේ පාසල් ආරම්භ කරන ආකාරයෙන්ම කතෝලික පාසල්ද ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්‍ෂ අයිවන් පෙරේරා සඳහන් කරයි.   

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ජූනි 29 වනදා සිට පියවර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව එදින සිසුන් පාසල්වලට පැමිණීමට අවශ්‍ය නොවන අතර, විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, අනධ්‍යයන සේවකයින්, පාසල් කළමනාකරණ මණ්ඩලය පාසලට පැමිණිය යුතුව ඇත.