FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි භාරයේ තිබූ මුදල් පෙට්ටිය සොරා ගත් සැකකරුවෙකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

මෙම සැකකරු අද පස්වරුවේ ගිනි අවියක් පෙන්වා ජාතික රෝහලේ මුදල් පෙට්ටිය සොරාගෙන ඇති අතර , පසුව පොලිසිය විසින් එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.