FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගයේ නාමයෝජනාවට එරෙහි පෙත්සම ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින ඕෂල හේරත් නමැත්තෙකු විසිනුයි මෙම පෙත්සම ගොණු කර තිබිණි.

සමගි ජන බලවේගය නිසි පරිදි ලියාපදිංචි කර නොමැති බව දක්වමින් පෙත්සම්කරු එය ඉදිරිපත් කර තිබුණේය.