FAST NEWS

24×7 Around the Globe

අරාබි රටවල් කිහිපයක සහය අඛණ්ඩව මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැද පෙරදිග රටවල් කිහිපයක තානාපතිවරුන් විසින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය පළ කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට සහතික වී තිබේ.

ඒ ඊයේ (08) විදේශ අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.

විදේශ සබඳතා අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ වත්මන් කොරෝනා තත්වය හමුවේ ශ්‍රී ලංකාවට සපයන සහයෝගීතාවය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී ප්‍රණාමය පළ කර ඇති බවයි.

දැනට ගල්ෆ් කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තානාපතිවරුන් මෙහිදී විදේශ අමාත්‍යවරයාට සහතික වී ඇත.

ඉරාකය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලිබියාව යන රටවල තානාපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනය කළේය.