FAST NEWS

24×7 Around the Globe

මනාප අංක ගැසට් නිවේදනය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (09) දිනයේ මහ මැතිවරණයේ අපේක්ෂකයන්ට අයත් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීන් වෙත අද පෙරවරුවේ එම ලේඛන යොමු කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

ඒ අනුව එක් එක් අපේක්ෂකයාට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් තමාට හිමි මනාප අංක ලබා ගත හැකියි.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී හෙට (10) සිට ඉදිරි දින 03 තුළදී මහ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බවද මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

තවද මැතිවරණයේදී රාජ්‍ය දේපළ අයථා භාවිතය වැළැක්වීමට අදාළ උපදෙස් ඇතුළත් ගැසට් නිවේදනයක්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර තිබේ.