FAST NEWS

24×7 Around the Globe

විදේශිකයන්ට දී ඇති වීසා කාලය තවත් මාසයකට දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දැනට ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශිකයන්ට නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා බලපත්වල වලංගු කාලය ලබන ජූලි 11 වනදා දක්වා දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  

අවසන් වරට එම කාලය දීර්ඝ කෙරුණේ ලබන 11 වනදා දක්වායි.

බොහෝ රටවල ගුවන් තොටුපළ තවදුරටත් වසා දමා තිබීම හමුවේ තවත් දින 30 කට වීසා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.