FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.