FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතියේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහමැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණ ඇත.  

මීට අමතරව එළඹෙන මහමැතිවරණයේ මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවති මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.