FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | සීදූව) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සීදූව කිඹුලාමුල්ල කලපු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා සහ උපකරණ රැසක් සොයාගැනීමට සමත්ව ඇත.  

ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දිනයේ මෙම වැටලීම සිදුකර ඇති අතර , එහිදී ගෝඩා ලීටර් දස දහසක්, එංජිමක් ද සමග බෝට්ටුවක්, යකඩ බැරල් 100 ක්, ගෑස් සිලින්ඩර් 24 ක් සහ ප්ලාස්ටික් බූලි 47 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් එහිදී සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සොයාගත් උපකරණ වැඩිදුර විමර්ශන සඳහා සීදූව පොලිසියට භාරදී ඇත.