FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝලීය වසංගත තත්ත්වයත් සමග පහත වැටුණු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ සතිය තුළ අඛන්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය.  

පසුගිය මාසයේ එනම් මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 42 යි ශත 30 දක්වා ඉහළ ගොස් ඇත.

මිල ස්ථාවරව පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක දිනකට බැරල් මිලියන 9.7ක නිෂ්පාදන කප්පාදුව තවත් මාසයකින් දීර්ඝ කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය, රුසියාව ඇතුලු රටවල් සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡාවල නිරත වූ අතර , නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවකට ඔපෙක් සංවිධානය සහ එහි පාර්ශවකරුවන් අද නැවතත් රැස්වීමට නියමිතයි.