FAST NEWS

24×7 Around the Globe

වැඩි මිලට වැලි අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 200 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැය 24 ක් ඇතුළත වැඩි මිලට වැලි අලෙවි කිරිමේ සිද්ධීන් පිලිබද පැමිණිලි 200 ක් පමණ ලැබී ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප‍්‍රකාශ කළේය.  

විධිමත් පරික්ෂණයකින් පසුව වංචනිකව කි‍්‍රයාකර ඇති වැලි තොටුපළ හිමිකරුවන්ගේ කැණීම් බලපත‍්‍ර අහෝසි කරන බව කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා පවසයි.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ජනතාවට දැනුම් දෙන්නේ 071-5352304 දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.