FAST NEWS

24×7 Around the Globe

මාතලේ මහවෙල දී විදුලි සැර වැදීමෙන් දෙදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | මාතලේ) –  මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.   

නවතා තිබූ ලොරි රථයකට අධි ධාරිතාවයෙන් යුතු විදුලි රැහැනක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය.

එම අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු සිටි අතර, එක් අයෙකු ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 23 හා 27 වයස්වල පසුවන මහවෙල, සැලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.