FAST NEWS

24×7 Around the Globe

කොළඹ මැනිං වෙළඳපොල හෙට සිට සෑම ඉරිදාවකම විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (07) සිට සෑම ඉරිදාවකම කොළඹ මැනිං පොදු වෙළඳ පොල යළි විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මැනිං පොදු වෙළඳපොල විෂබීජහරණය කිරීම සඳහා ඉරිදා දිනයේදී වසා දැමීමට කටයුතු කළ බව එම සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේය.

ඒ අනුව, හෙට සිට සෑම ඉරිදා දිනකම උදෑසන 4.00 සිට පස්වරු 1.00 දක්වා එම වෙළඳපොල තොග සහ සිල්ලර වෙළඳාම සඳහා විවෘත කරයි.