FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ රැඳී සිටි ලාංකික සිවිල් නාවිකයන් පිරිසක් දිවයිනට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයන් 235 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ජර්මනියේ හැම්බර්ග් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද දහවල් 12 ට පමණ මෙම පිරිස මත්තල ගුවන් තොටුපළ වෙත ළගා වී ඇත.

ඔවුන් සියලු දෙනා පී සී ආර් පරීක්ෂණවලට ලක් කර නිරෝධායන ක්‍රියාවලිය සදහා ගාල්ලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතයි.