FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර මංතීරු නීතිය නැවතත් දැඩිව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාතේ මංතීරු නීතිය නැවතත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කලේ ඒ අනුව බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මොරටුවේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක බවයි.

එය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට පොලිස් රථ වාහන කොට්ඨාශයේ නිළධාරීන්ට අමතරව තවත් නිලධාරින් 500 කට ආසන්න පිරිසක්ද යෙදවීමට නියමිතයි.