ජනාධිපති මෛත්‍රීපාල මේ උත්සාහ කරන්නේ හදන්නේ ශ්රීලනිපය හා සන්ධානය දිය කර රනිල්ට බලය අරන් දීමට යයි ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් පැවිදි සංවිධානයේ සභාපති බද්දේගම දේවරක්ඛිත නාහිමියෝ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
මෛත්‍රීපාල මහතාට ශ්‍රිලනිපය ප්රමුඛ සන්ධාන රජයක් පිහිටුවන්නේ ඇත්ත වුවමනාවක් නැහැ. එනිසා ඔහු සභාපතිත්වයෙන් ඉවත් විය යුතු යැයිදී ගාලූ කොරලේ අධිකරණ සංඝ නායකද වන එහිමියෝ තව දුරටත් අදහස් දක්වමින් මෙසේද කීහ.
‘ඉදිරි මැතිවරණයෙන් සන්ධාන රජයක් පිහිටුවීමට මේ යන විදියෙන් පෙනී යන්නේ නැහැ. පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පක්ෂයෙන් යෝජනා කළත් ඒවා ක්‍රියාත්මක නොකිරීම ගැටලූ සහගතයි. පක්ෂ නායකයකු කටයුතු කරන්නේ පක්ෂය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරවන්න. එසේ නොමැතිව පක්ෂය පාවා දෙන්න නෙවෙයි. නමුත් මේ යන ගමනේ පැවැත්මක් නැහැ.
ජනාධිපති මේ හදන්නේ රනිල්ට බලය ලබාදෙන්න වැඩපිළිවෙළක්. එතුමා කියන පරිදිම එ.ජා.පයට අකෘතඥ වෙන්න බැහැ.හේතුව එතුමා ආවේ එ.ජා.ප ප්රමුඛ ටී.එන්.ඒ.මුස්ලිම් කොංග්‍රසය,මහින්ද වෛරී පිලේ ඡන්දවලින් නිසා.
ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා කියනවා. එහි අගමැති කවුද? ශ්‍රී.ල.නි.ප.යෙන්ද නැහැ. එය එ.ජා.ප පක්ෂයට දෙනවා. නිදහස් පක්ෂයට දැන් වගේ ඇමැති කටු ටිකක් සූප්පු කරන්න දේවි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන මහා අපරාධයක්.
මහින්ද මහත්තයාට ලක්ෂ 58ක් ඡන්ද දුන්නේ පාක්ෂිකයෝ. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරවන්න සිරිසේන මහතාට අවශ්‍ය නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය වෙනත් අයෙකුට දෙන්න








