FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වතාවට ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ මැදිහත්වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර එහි ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝලීටර් මිලියන 33 ක් බව සඳහන්.