FAST NEWS

24×7 Around the Globe

මෙවර සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉල්ලීම අනුව මෙවර මහ මැතිවරණයේදී සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම් ලබාදීමට මැතිවරණ කොමිසම එකඟතාව පළකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ඒ අනුව ජුනි 10 වනදා දහවල් 12 දක්වා ඊට අදාළ අයදුම්පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාල වෙත භාරදිය හැකි බවයි.