FAST NEWS

24×7 Around the Globe

දන්සැල් හෝ වියළි ආහාර බෙදාදීමට කිසිඳු අනුමැතියක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.  

කොන්දේසි සහිතව දන්සැල් සංවිධානය කිරීමට හෝ වියළි ආහාර බෙදා දෙන දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දී නොමැති බව එම සංගමය දැනුම් දී සිටියි.

විවිධ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී දන්සැල් සංවිධානය කිරීම සඳහා අනුමැතිය ගැනීමට ඉල්ලීම් කිරීම් පිළිබඳ වාර්තා වන බවත් , එබදු ඉල්ලීම් නොකරන ලෙසටත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.