FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සෞඛ්‍ය සේවාවල නිරත කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන සඳුදා දක්වා දීර්ඝ කර තිබේ.  

මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ රාජකාරි සඳහා යොදාගන්නා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය.

සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදුව තබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශ අතරට ඇතුළත් වේ.

එමෙන්ම තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය, ඒ සඳහා කුමන රාජ්‍ය සේවකයින් පිරිසක් සහභාගි කර ගත යුතුද, මැතිවරණ දින කාර්යභාරය, ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශවල සඳහන්ව ඇත.