FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුව ද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස්වු අතර එහිදී සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.