FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(03) ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව සඳහන් වේ.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.