FAST NEWS

24×7 Around the Globe

පානීය ජලය ඉල්ලා බඳගිරිය උණුසුම් වෙයි.

හම්බන්තොට බඳගිරිය ගම්මාන පහක ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා ප්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝොෂණයක නිරත විය.
හම්බන්තොට තිස්ස ප්‍රධාන මාර්ගයේ බඳගිරිය හංදියේ දී මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
පාණීය ජලය ඉල්ලා සිටින පිරිස් මාර්ගය හරස් කිරීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
පොලීසිය හා ජනතාව අතර දැඩි උනුසුම් තත්ත්වයක් ද ඇතිවිය.
ප්‍රශ්නයට විසදුම් ලබා දීමට කිසිදු බලධාරියෙක් නොපැමිණීම නිසා උද්ඝෝෂණය දිගින් දිගටම පැවැත්වුණු අතර දිස්ත්‍රික්කයේ බලධාරීන් නිහඩ වීම ජනතාව කෝපවීමට හේතුව වී තිබේ.
තංගල්ල සහකාර පොලිස් අධිකාරී සුදත් මා සිංහ ජංගම දුරකථනයෙන් දිස්ත්‍රික්කයේ වගකිව යුතු බොහෝ පිරිසකට කථා කලද ඒ කිසිදු අයෙකුගෙන් ප්‍රතිචාර නොලැබීම නිසා ජනතාව තවදුරටත් මාර්ගය හරස් කර සිටියහ.
බඳගිරියේ යහංගල බටහිර නැගෙනහිර, තම්මැන්නාව, ජූල්ගමුව යන ගම්මාන වල පවුල් 1600 ක් පමණ මෙම ජල හි‍ගයෙන් පිඩා විදින බව සී.මුණසිංහ පැවසීය.
දැනට සිදු කර තිබෙන පරික්ෂණවලින් වකුගඩු රෝගීන් 30 ක් පමණ සිටින අතර විවිධ රෝග වලින් පෙලෙන අය සිටින බවද මුණසිංහ සදහන් කලේය.
බඳගිරිය වැවෙන් ග්‍රාමිය ජල වයාපෘතියක් මගින් ලබා දෙන ජලය අපිරිසිදු නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙයි.