FAST NEWS

24×7 Around the Globe

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාළිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ඒ අනුව දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ඇති.