FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණය පවත්වන දිනය ඇතුලු තීන්දු රැසක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය පවත්වන දිනය පිලිබඳ හෙට (03) පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මිට අමතරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ.

මේ බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සඳහන් කළේය.