FAST NEWS

24×7 Around the Globe

ෂෙහාන් මධුෂංක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පන්නල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් වේග පන්දු ක්‍රීඩක ෂෙහාන් මධුෂංක ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගියදා ඔහුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2.7ක ප්‍රමාණයක් සමඟ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුෂංක පොලීසිය අත්අඩංගුවට ගත්තේය.