FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වන දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබේ.