FAST NEWS

24×7 Around the Globe

අරන්තලා භික්ෂු ඝාතනයට අදට වසර 33 ක් සපිරේ

(ෆාස්ට් නිව්ස් | අම්පාර) –  අරන්තලාවේ භික්‌ෂූන් වහන්සේලා තිස්‌ එක්‌ නමක්‌ අමානුෂිකව ඝාතනය කර අදට වසර 33 ක් ගතවේ. 

1987 වසරේදී කැලණිය රජමහා විහාරය වන්දනා කිරීම සඳහා බස්‌ රියකින් ගමන් කළ මෙම භික්‌ෂූන් වහන්සේලා අරන්තලාව කැලයේදී කඩුවලින් කපා වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබුවේ කොටි ත්‍රස්‌තවාදීන් විසිනි.

ඝාතනයට ලක්‌වූවන් අතර කුඩා සාමණේර හිමිවරු රැසක්‌ ද වූහ. මෙම බස්‌රියේ ගමන් කළ සිවිල් වැසියෝ සිව් දෙනෙක්‌ද ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. භික්‌ෂූන් වහන්සේලා සිව්දෙනෙකු බරපතළ කැපුම් තුවාලවලට ලක්‌ වී පැන ගොස්‌ දිවි ගලවා ගත්හ.

අරන්තලාවේදී සිදුවූ මෙම භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය රාජධානි යුගවල ශ්‍රී ලංකාව යටත් කර ගැනීමට ආ පරසතුරන් විසින් සිදුකළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදුවූ දරුණුතම සංහාරය බවයි.