FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද පස්වරුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (02) ලබාදීමට නියමිතව ඇත.  

ඒ අනුව පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යන්නේද නැතිද යන තීන්දුව අද පස්වරු 3 ට ප්‍රකාශයට පත් කරන බවයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළු‍විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ 10 වන දිනටත් එය සලකා බලනු ලැබීය.