FAST NEWS

24×7 Around the Globe

ජුනි 4 සහ 5 මැනිං වෙලඳපලත් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජුනි 04 සහ 05 යන දෙදින රට පුරා ඇඳිරි නීතිය පැණවෙන බැවින් එදින කොළඹ මැනිං වෙලදපලද වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියේය.   

එම දින දෙකෙන් එක් දිනයක මැනිං වෙළදපලේ විෂබීජහරණ කටයුතු සිදුකරන බවත් , ගෙවී ගිය සති කිහිපය තුල විෂබීජහරණය වෙනුවෙන් වෙළඳපල ඉරිදා දින වසා තැබුවද මේ සතියේදී ඉරිදා දින මැනිං වෙළඳපල විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.