FAST NEWS

24×7 Around the Globe

මන්දකට හසුවී මියගිය කළු කොටියාගේ සිරුර කෞතුකාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී මියගිය කළු කොටියාගේ සිරුර කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා ලබාදෙන ලෙස බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය, වනජිවි අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර සඳහන් කළේ එම කළු කොටියා ඉතා දුර්ලභ ඝනයේ සත්වයෙකු බැවින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාර අංශයේ සත්ත්ව අංශයේ තැන්පත් කිරීමට තීරණය කළ බවයි.

මිට අමතරව මෙම කළු කොටියා උප විශේෂයක් දැයි තහවුරු කර ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය ජානමය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර ඒ තුළින් කළු කොටියා පිළිබද විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණ කර ගත හැකි වේ.